කවිය හා මහගම සේකර
කවිය සහ කවියා - මහගම සේකර
රසය ආත්ම කොට ගත් වාක්‍යය කාව්‍ය යයි කියති. එහෙත් රසය යනු කුමක්දැයි විග‍්‍රහ කිරීම අමාරුය. ඒ වූ කලී තමන් ම විඳ අවබෝධ කරගත යුත්තකි. කාව්‍ය රසය තබා දිවට දැනෙන ඇඹුල් රසය වැනි රසයක් වුවද වචනයෙන් හඳුන්වා දිය නොහැක. රසය වනාහි සිතෙහි ඇති වන ප‍්‍රසන්නතාවයෙකැයි දළ වශයෙන් කිව හැක. මලින් පිපුණු ගසක් දුටු විට ද සන්ධ්‍යා වලාවක් දුටු විටද සිත මොහොතක් පහන් වේ. කාව්‍යයකින් ලැබෙන රසය මීට වඩා උසස් ය. රසය යනු සතුට නොවේ. රසය කෙලෙසුන් කෙරෙන් දුරුය.
කවිය නිර්මාණය කරන්නේ කවියාය. අත්දැකීම් ඔහුගේ කවියට වස්තු වෙයි. දුප්පත් පොහොසත් කවුරුත් දිනපතා විවිධ අත්දැකීම් ලබති. සමහර අත්දැකීම් දුබලය. සමහර අත්දැකීම් ප‍්‍රබලය. අත්දැකීම් මගින් සිතේ උපදින හැඟීම ද විවිධ වේ. දුබල හෝ ප‍්‍රබල වේ. කිසියම් අත්දැකීමක් නිසා තම සිත්හි උපන් හැඟීමක් වචනයෙන් කියා පා එම හැඟීම් අනුන්ගේ සිත්හිද ඉපදවීමට කවියා වෑයම් කරයි.
ඔහු තම පෞද්ගලික අත්දැකීම් කපා කොටා අනවශ්‍ය අංග බැහැර කර අවශ්‍ය අංග අලූතින් එකතු කර එය කාටත් පොදු අත්දැකීමක් බවට සකස් කරයි. එවිට කවිය කියවන පාඨකයා එය තම අත්දැකීමක් හැටියට පිළිගනී.
එවැනි අත්දැකීම් නිසා කලින් ඔහුගේ සිතේ පහළ වී කිඳ‍්‍ර බැස තිබුණු හැඟීම් කවිය නිසා යළිත් ප‍්‍රබෝධ වෙයි. මෙ වර ඒ හැඟීම් මතු වන්නේ මුලින් මෙන් කර්කශ ලෙස නොවේ. වඩා මුදු මොලොක්ව ඔප මට්ටම්වය. අන් ලෙසකින් කිවහොත් මෙ වර ඇති වන්නේ ඒ හැඟීම්වල ඡුායා මාත‍්‍රයක් සුවඳක් පමණි. රසය ඒ සුවඳට කා වැදී පවතියි. කවියේ රසය මුලින් ම විඳින්නේ කවියා ය. ඔහු කවිය මුලින්ම විභාග කර බලන විචාරකයාද වෙයි. පාඨකයාද කවියකු නම් කවියකින් උසස් රසයක් විඳීමට ඔහුට පුළුවන. එහෙත් සාමාන්‍ය පාඨකයෝ කවීහු නොවෙති.
ඔවුන්ට කවි රස විඳීම සඳහා පිටින් පිටුවහලක් වුවමනාය. විචාරකයා මේ පිටුවහල ලබා දෙයි. මේ සඳහා කවියාට පමණම නිර්මාණ ශක්තියක් විචාරකයාට ද අවශ්‍යය. විචාරකයාගේ මග පෙන්වීම අනුව යන පාඨකයෝ තමතම නැණ පමණින් කවි රස විඳිති. කවියාටම විචාරකයා වීමට බැරිද? බැරි නැත. දැනට මේ රටේ බොහෝ විට මෙය සිදුවෙයි. ඇතැම් ලේඛකයෙක් අනුන්ගේ කෘති පමණක් නොව තමන්ගේ කෘතිද විවේචනය කරයි. මෙහි දී ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව බලවත් වරදක් සිදු වේ. එනම් තමන්ගේ කෘති හුවා දැක්වී අනුන්ගේ කෘති ඉබේම ගර්හාවට පාත‍්‍රවීමයි.
මේ විවේචන සාහිත්‍ය රස විඳීම සඳහා මගපෙන්වීමට නොව තමන් ගත් මග හරිය - අනුන් ගත් මග වැරදි ය යි කීම සඳහා ලියූ ලියවිලි සේ අපට හැෙඟ්. ”තමා වරදය නොදන්නේ * මෙරමා දොස්ම දකින්නේ” යි එක් පැරණි කවියෙක් කීය.
ඔහු කවරෙක් දැයි තවමත් හරිහැටි හඳුනා ගෙන නැත. තමා වරදක් අනෙකකු පෙන්වා දුන් පමණින් කිපෙන තරමට කවීන් බොළඳ ආත්මාර්ථකාමීන් විය යුතු නැත. අපිස් දෘෂ්ටියක් ගැන කියන වර්තමාන ලේඛකයන් මෙන් නොව කෘතිය ඉදිරිපත් කර කවි නාමය සÛවා තැබීමට තරම් ඇතැම් පැරණි කවීහු අල්පේච්ච වූහ. කවියම තම විචාරකයා වූ විට තවත් වරදක් සිදු වේ. එකම කවියා අදහස් කළ සීමාවෙන් ඔබ්බට යාමට පාඨකයාට ඇති ඉඩකඩ ඇහිරී යාමය. කවියාගේ කෘතිය පදනම් කොට ගෙන තම කල්පනා ශක්තිය මෙහෙයවා හැකි තරම් ගැඹුරට ගොස් රස විඳීමට පාඨකයාට නිදහස තිබිය යුතුය.
අන් හැම දෙනාට මෙන් ම කවියකුට ද තම කෘතියේ හොඳ මිස නරක පෙනෙන්නේ කලාතුරකිනි. එසේ පෙනෙන්නේ නම් කාව්‍යය ප‍්‍රසිද්ධ කිරීමට පළමු ඔහු එය නිවරදි කරනු නොඅනුමානය. කවිය පළමුවෙන් නිර්මාණය වන්නේ කවියාගේ සිත තුළය. මෙම නිර්මාණය පිටත ලෝකයට බිහිකළ යුත්තේ වචන මාධ්‍ය කොට ගෙනය. නවකතාකරුවකුට මෙන් විශාල වචන සංඛ්‍යාවක් පාවිච්චි කිරීමේ නිදහස කවියාට නැත. වචන කීපයකින් තම හැඟීම කියා පෑමට ඔහුට සිදු වේ.
මෙ නිසා හැඟීම්වලින් පිරුණු තම කාරියට ඉතාම උචිත වචන පමණක් ඔහු තෝරා ගනී. වචන තෝරාගැනීමේ දී නූතන කවියකු විසින් ගත යුතු මග සොයා බැලීමට පෙර පැරණි කවීන් හා ජන කවීන් ඒ සඳහා ගත් මග විමසා බැලිය යුතුය. රස නිෂ්පාදනය පැරණි කවියාගේ මුඛ්‍ය පරමාර්ථය වී යැයි සිතිය නොහැක. රජ ඇමතින් සිත් ගැනීම බණ දහම කීම අවවාද අනුශාසනා කිරීම ආදී වෙනත් පරමාර්ථයක් ඉෂ්ට කර ගන්නා පිණිස කාව්‍ය රසය ඉවහල් කර ගන්නා ලදී.
සන්දේශ කාව්‍ය කීපයකුත් පද්‍යයට නගන ලද ජාතක කතා කීපයකුත් මිස උදම් ඇනිය හැකි තරම් විශාල පද්‍ය සාහිත්‍යයක් අතීතයෙන් අපට උරුම වී නැත. ගතානුගතික ලෙස එකම සැලැස්මක් අනුව ලියැවී ඇති මේ ග‍්‍රන්ථ කීපය ද ආකෘතිය අතින් මෙන්ම භාෂාව අතින් ද බොහෝ දුරට ඒකාකාරය. කවි සමයට වැද්ද ගනු ලැබූයේ පංඩිතයන් විසින් සම්මත කර ගන්නා ලද සීමාසහිත වචන මාලාවක් හා උපමා රූපක රැුසක් පමණය. මේ නිසා පැරණි කාව්‍යයෙහි එන ඕනෑම ගැහැනියකගේ මුහුණ සඳ වැනිය. තොල් නා දළු වැනිය. පියයුරු හංසයන් වැනිය. හැම රජෙක්ම තෙදින් හිරු වැනිය. සොමි ගුණයෙන් සඳ වැනිය. තර සර ගුණයෙන් මහමෙර වැනිය. පංඩිතයන් කීපදෙනකුට පමණක් සීමා වූ මේ වචන හා උපමාරූපක සාමාන්‍ය ජනතාව ඉදිරියෙහි ආගන්තුකයන් වැනි ව
0 Comments